විදර්ශනා භාවනාව
මානව
වර්ගයාටම සාමය සතුට මෙන්ම නිර්වාණය ලගා කරගතහැකි එකම ක්‍රමය බෞඬ භාවනා
ක්‍රමයයි.බෞඬ භාවනා ක්‍රම දෙකකි.එනම් හිතෙහි තැම්පත් කම ලබාදෙන
සමථ
භාවනාවත් ප්‍රඥාව වඩන විදර්ශනා භාවනාවත් ය.මෙහි එම විදර්ශනා
භාවනා
ක්‍රමය පිලිබද විස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමි.මෙය උපුටා ගනු ලැබුවේ
තායිලන්තයේ චක්රී වංශයට අයත් 5 වන රාම රජවරුන්ගේ කාලය තුල විසු ප්‍රධාන
සංඝ පිතෘ ගරුතර සොම්ඩෙට් වනරත් හිමිපාණන් රචිත විශාල ග්‍රන්ථයක කොටසකිනි.
බෞඬ භාවනාව තුලින්
සැබෑ සහනයක් සොයන හැම දෙනාටම මෙය නොමඳ උපකාරයක්ම වේවා...............
විදර්ශනා භාවනාව පුරුදු කරන කෙනෙකුට මුලික වශයෙන් විදර්ශනා භාවනාව යන්නෙහි
අර්ථය පැහැදිලි විය යුතුය.විදර්ශනා භාවනාව යනු මානසික සංවර්ධනයයි.
බෞද්ධ භාවනාවේ මේ අංශය පිළිබඳව යෝගියෙකු විසින් දැනගත යුතු ධර්ම කරුණු
තුනක් ඇත.
- විදර්ශනා භූමි හෙවත් දතයුතු සීමාවන්
- විදර්ශනා කෘත්‍යය
- විදර්ශනා මාර්ගය
විදර්ශනා භූමි මොනවාද?.
තථාගතයන් වහන්සේ හා ශ්‍රාවකයන් වහන්සේලා විසින් දක්වා වදාල විශ්වයේ ඇති
සියලු සජීවී අජීවී සංස්කාර නාම රූප ධර්ම විදර්ශනා භූමියට ඇතුලත් වේ. මේවා
කොටස් හයකි.
- පංචස්කන්ධය
- දොළොස් ආයතන
- දෙවිසි ඉන්ද්‍රය
- අටලොස් ධාතු
- ආර්‍ය්‍ය සත්‍ය සතර
- පටිච්ච සමුප්පාදයට අයිති නිධාන 12
විදර්ශනා
භාවනාව දියුණු කිරීමට අපේක්ෂා කරන කෙනෙකු අනිවාර්යයෙන්ම මෙම භූමි වලට
ඇතුලත් සියලු කරුණු පැහැදිලිව වටහාගෙන තිබීමත් ඒවා මතකින් සජ්ජායනා
කිරීමටත් දැන සිටිය යුතුය. විදර්ශනාව ප්‍රගුණ කළ යැක්කේ එවිටය.
විදර්ශනාවේ කෘත්‍යය කවරේද?
ශීල විශුද්ධිය හා චිත්ත විශුද්ධිය යන දෙක ලැබීමය.
විදර්ශනා
භූමියට ඇතුලත්වන යෝගියෙක් අවශ්‍යයෙන්ම ශීල පාරිශුද්ධිය ඇත්තෙක් විය
යුතුය.ශීලය හා සමාධිය සම්පූර්ණ නොකරන්නෙකුට විදර්ශනාවක් කළ නොහැක.මේ
අවශ්‍ය පසුබිම නැතිව විදර්ශනාවට බැසීම හිස් දෙයක් වනු ඇත.
විදර්ශනාව කවරේද?
ඉතිරි විශුද්ධි 5 සම්පූර්ණ කිරීමය
- දිට්ඨි විශුද්ධිය
- කංකාවිතරණ විශුද්ධිය
- මග්ගා මග්ග ඥාන දස්සන විශුද්ධිය
- පටිපදා ඥාන දස්සන විශුද්ධිය
- ඥාන දස්සන විශුද්ධිය
දිට්ඨි විශුද්ධිය
සියළු නාම රූප ධර්මයන් පිලිබද
- ලක්ෂණ
- රසය හෙවත් කෘත්‍ය
- පච්චු පට්ටානය හෙවත් වැටහෙන ආකාරය
- පදට්ඨාන හෙවත් ආසන්න කාරණය පහත ආකාරයට හදුනා ගැනීම
- සිතක් හා කයක් පමණක් මිස සත්වයෙක් පුද්ගලයෙක් නැති බව වටහා ගැනීම,
- භෙතික වශයෙන් කෙරෙන ක්‍රියාවක් හා එය හඳුනා ගන්නා සිත,
- ශාරිරක ක්‍රියාව එකක් බවත් එය දැන ගන්නා සිත වෙන එකක් බවත්
- මේ දෙක හැරෙන්නට වෙනත් කිසිවක් නොමැති බව දැනීම,මෙහි ඥාන දෙකකි.
නාම රූප පරිච්ජේද
පචිචය පරිග්ගහ හෙවත් ක්‍රියාවට පෙරටුව යන සිත වැටහීම.
කංකාවිතරණ විශුද්ධිය
නාම
රූප දර්මයන්ගේ හේතු ප්‍රත්‍ය සොයා දැන ගැනීමෙන් ලබන පිරිසිදු බවය.
රූච කයට හේතු වශයෙන් අවිද්‍යාව උපාදානය හා කර්මයන් ආහාරය උපසිථම්භක
භාවයෙන් උපකාර වන බැවින් ප්‍රත්‍ය වේ.මෙසේ බැලීමෙන් අතීත වර්තමාන අනාගත යන
තුන් කාලය පිලිබඳ සැක දුරුනර ගනී. මා කෙසේ වීද?. මා කවරෙක් වීද?.අනාගතයේ
මා කවරෙක් වන්නේද?. දෙවියෙක් සිටීද?.මේ සියළු සැක දුරු කිරීම කංකාවිතරණ
විශුද්ධියයි.
මග්ගා මග්ග ඥාන දස්සන විශුද්ධිය
භාවනානු
යෝගියෙක් ගමන් ගතයුතු මග නොමග දෙක තෝරා ගතයුතු අවස්ථාවයි.මේ අවස්ථාවේ
දසවිධ උපක්ලේෂයන් නැගී එන්නට වෙයි. ඒවා හදුනා ගෙන නියම මග යා යුතුය.
පටිපදා ඥාන දස්සන විශුද්ධිය
උදයව්‍යඥාණයෙන් ආරම්භවී අනුලොම ඥානය දක්වා විදර්ශනා ඥාන පහළ වන අවස්ථාවයි.
ඥාන දස්සන විශුද්ධිය
සතර මග සතර ඵලයන් අවබොධ කරගන්නා අවස්ථාව දක්වා විදර්ශනා ඥාන පහළ වන අවස්ථාවයි.
මෙහි
ඉතා කෙටියෙන් දැක්වුණු අවසාන විශුද්ධ් පහම කෙළින්ම විදරශනා දැනීම වෙති.
ත්‍රිලන්ෂණ වඔයෙන් සියලු සංඛත නාම රූප ධර්මයන් අනිත්‍ය,දූඃඛ, අනාත්ම
වශයෙන් අවබෝධ කරගැනීමය.
යමක්
අනිත්‍යද එය දුක්ය. එය අනාත්මය.යමක් අනාත්මද එය මගේ නොවේ.මා නොවේ.
මාගේ ආත්මය නොවේ.මෙසේ එය යථාභූත වශයෙන් හරි දැක්ම ඉතා බලවත් නිසා
ස්කන්ධයන් පිලිබඳ යෝගීයාගේ ආශ්වාදය තුනී වේ. එහි ඇලීම දුරුකෙරේ. මෙසේ ඔහු
සියලු කෙලෙසුන් ගෙන් මිදේ.මෙසේ ලබන පරිපුර්ණ අවබෝධයට විදර්ශනා යැයි කියනු
ලැබේ.
බෞද්ධ විදර්ශනා භාවනාවේ මුදුන් පෙත්තට ගමන් ගත හැක්කේ මෙසේ විදර්ශනාව ක්‍රමවත්ව වැඩු කෙනෙකුටය.
****************************************************************************************
විදර්ශනාවේ විස්තරය
විදර්ශනාවේ සම්පුර්ණ විස්තරයක් මෙහි දකවමු.
ආරම්බයේදීම
යෝගියෙකු පිරිසිදු සීලයක පිහිටා සිටිය යුතුය. සමථ භාවනාවක්න් නීවරණ
ධර්මයන් යටපත් කරගත යුතුය.උපක්ලේෂ වශයෙන් ඉදිරිපත්වන වැරදි දැකීම හදුනා
ගෙන මිදීමට එහුට කරණු වටහා ගැනීමේ ශක්තිය කිබිය යුතුය.මග නොමග තීරණය වන්නේ
මේ දැනීම ලැබිමෙනි. මීට අමතරව විදර්ශනා භූමි වශයෙන් මුලින් සඳහන් කළ කරුණු
පිළිබද,
- ලක්ෂණ
- රසය හෙවත් කෘත්‍ය
- පච්චු පට්ටානය හෙවත් වැටහෙන ආකාරය
- පදට්ඨාන හෙවත් ආසන්න කාරණය හා විග්‍රහ කිරීමේ ශක්තිය හා දැනුම තිබිය යුතුය.
විදර්ශනාවේ ලක්ෂණ මොනවාද?.
සියලු
සංඛත වස්තුන්ගේ සැබෑ තත්වය වන අනිත්‍ය,දුඃඛ,අනාත්ම යන ත්‍රිලක්ෂණ යථාභූත
වශයෙන් දැන ගැනිම විදර්ශනාවේ ලක්ෂණයයි. ස්වභාවය දැන ගැනීම හැරෙන්නට අන්
කිසිවක් විදරශනා නොවේ.
විදර්ශනාවේ හරය (කෘත්‍යය)
අනිත්‍යවු,
දුක්වු, අනාත්මවු, අශුභවු සියලු සංඛත ධර්‍මයන් පිලිබඳ අවිස්‍යා
අන්ධකාරයෙන් වැසී ඇති තත්වය වැසී ඇති තත්වය නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන්
ගන්නා වැරදි හැගීම දුරු කිරීම විදර්ශනා වේ කෘත්‍යයි.
විදර්ශනාවේ වැටහෙන ආකාරය (පච්චුපට්ඨානය)
අවිද්‍ය
අන්ධකාරය දුරුකොට සියලු සියලු සංඛත ධර්‍මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්
ප්‍රඥාවෙන් වටහා ගෙන ඒවා නිත්‍ය,සුඛ, ආත්ම හා ශුභ වශයෙන් ගන්නා මෝහය දුරු
කිරීමයි.
විදර්‍ශනාවේ ආසන්න කාරණය පදට්ඨානය සමාධියයි.
ශීලය හා සමාධිය විදර්‍ශනාවේ පදනමයි.
විදර්ශනාවක්
පවතින්නේත් දියුණු කළ හැක්කේත් සමාධියක් ඇතිව පමනි. සමාධියක් නොමැතිව
සාර්ථක විදර්ශනාවක් කෙසේවත් කළ නොහැක. ඊට හේතුව විදර්ශනාවේ ආසන්න කාරණය
සමාධිය වීමය. අපිරිසිදු සීලයකින් යුත් දියුණුවක් ලැබුවේ යැයි කියතොත් එය
පිළිගත නොහැකි කරුණකි. පිරිසිදු සීලය සමාධියට හේතුවයි. සමාධිය විදර්ශනාවට
හේතුවයි. විදර්ශනාව ආර්‍ය්‍ය මාර්ගයට හේතුවයි. ආර්‍ය්‍ය මාර්ගය ආර්‍ය්‍ය
ඵලයට හේතුවයි. ධර්මයේ ස්වභාවය මෙසේම මිස අන් ආකාරයකින් නොවේ.
මේ නිසා විදර්ශනා භාවනා කරන යෝගීයෙක් කලින් දැක්වු ආකාරයට විදර්ශනාවේ ලක්ෂණ, රස වැටහෙන ආකාරය හා ආසන්න කාරණයද දැන සිටිය යුතුය.
විදර්ශනාවේ බෙදීම